අන්තර්ජාලය සබඳතා බිද වැටී තිබුණු ගාසා තීරයේ වැසියන්ට ඉලෝන් මස්ක් ස්න්නිවේදන සබඳතා ලබා දීම හේතුවෙන් කෝපයට පත් ඊශ්‍රායල් ස්න්නිවේදන අමාත්‍යවරයා වූ ශ්ලොමෝ කාරි පවසන්නේ මසක්ගේ සන්නිවේදන සබඳතා හමාස් හමුදා ත්‍රස්තවාදී කටයුතුවල ට ද යොදා ගත හැකි බව ය.

මස්ක් ඇතැම් විට පැහැරගත් පුද්ගලයන් ගැන සංවේදී වී සබඳතා ලබා දුන්නට එසේ ලබා දීම ගැන ඊශ්‍රායලය මස්ක්ට අනතුරු අගවා ඇත. අන්තර්ජාතික මානව ආධාර ලබා දෙන සංවිධාන ගාසාහි අන්තර්ජාල සබඳතා බිද වැටීම නිසා දැඩි අපහසුතාවයට පත් විණි.

සෙනසුරාදා මස්ක් ස්ටාර්ලින්ක් හරහා මානව ආධාර සංවිධානවල පහසුව සඳහා අන්තර්ජාල සබඳතා ලබා දී තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *