එළඹෙන අයවැයෙන් අධ්‍යාපනයට ප්‍රමාණවත් මුදලක් වෙන් කිරීම ඇතුළු ඉල්ලීම් 7 කට විසඳුම් ඉල්ලා අද සිට විරෝධතා සතියක් නම් කර ඇතැයි පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයක් සදහන් කළේය.

ඒ අනුව දල ජාතික නිෂ්පාදිතයෙන් අධ්‍යාපනයට 6% ක් වෙන් කිරීම, පාසල් උපකරණ මිල පහත හෙළීම, පාසල් සිසුන්ගේ පෝෂණ ගැටලු විසදීම, අධ්‍යාපන බර දෙමව්පියන්ගෙන් ඉවත් කිරීම,ගුරු හිගයට විසදුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් හතක් මුල්කරගෙන විරෝධතා සතිය සංවිධානය කර ඇතැයි එම ව්‍යාපාරයේ ලේකම් නාගස්තැන්න අරුණ හිමියෝ ඊයේ පැවසූහ.

මෙම කාලය තුළ තුළ අත් පත්‍රිකා බෙදීම, විරෝධතා බැනර් අත්සන් කිරීම, උද්ඝෝෂණය කිරීම වැනි විවිධ ක්‍රියාමාර්ග ගන්නා බවත් ඊට අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති රැසක සහාය ලැබී තිබෙන බවක් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම හිමියෝ ප්‍රකාශ කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *