පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා වෙත ලබාදී ඇති සේවා දිගුව දීර්ඝ කිරීම ලබන දෙවැනි දා අවසන්වීමට නියමිතව ඇතත් ඊයේ වන විටත් නව පොලිස්පතිවරයකු පත්කිරීම සදහා ව්‍යවස්ථාදායක සභාව වෙනත් නමක් යෝජනා කර නොතිබුණු බව දේශපාලන ආරංචි මාර්ග පැවසීය.

පොලිස් දෙපාර්තමේන්තුව තුළ දැඩි අර්බුධකාරී තත්වයක් උද්ගත වී ඇත.

සී.ඩී වික්‍රමරත්න මහතා මේ වන විට සේවා දිගු තුනක් ලබාදී ඇති අතර අවසන් වරට එම සේවා දිගු සති තුනක කාලයක් සදහා ලබා දී ඇත.

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක සහ දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු මීළඟ පොලිස්පති ධුරය සඳහා සුදුසුකම් ලැබ සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *