එලබෙන අයවැය යෝජනාවලිය මගින් සියලුම රජයේ සේවකයන් හට වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් එම අදහස් පල කළ බවය. අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පස්වරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි වැඩිවීමට සාපේක්ෂව පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට ඉල්ලීමක් කරන බවද බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *