ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය ගෙල සහ මුහුණ මත ඇතිවූ පීඩනයක් මත සිදුවී ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේය.

ඒ අනුව මෙම සිද්ධිය හරහා අපරාධයක් සිදු වී ඇතැයි තීන්දු කළ මහේස්ත්‍රාත්වරිය ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයාට නියෝග කරනු ලැබීය.

මරණ පරීක්ෂණයේදී පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව ඉදිරිපත් කළ වාර්තාව සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *