දඩ මුදලක් ගෙවීමේදී කළුතර අධිකරණයට රුපියල් 5000 නෝට්ටුවක් ලබා දුන් පුද්ගලයෙකු පෙරේදා පස්වරුවේ අත්අඩංගුවට ගත් කළුතර දකුණ පොලිසිය පවසයි.

මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටර් වරයා විසින් කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.

මුදල් අයකැමි ලෙස රාජකාරි කර ඇති නිලධාරිනිය ලබාගත් මුදල් කළුතර නගරයේ බැංකුවකට තැන්පත් කිරීමට යාමේදී හොර මුදල් නෝට්ටු බවට හදුනාගෙන ඇති බවට පැමිණිල්ලේ සඳහන්ව ඇති බව පොලිසිය කීය.

කළුතර බෝම්බුවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය

සැකකරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මූලස්ථාන පොලිස් පරීක්ෂක ශාන්ත නයනප්‍රිය ගේ උපදෙස් පරිදි පරීක්ෂණ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *