විදුලි බලය සැපයීම සම්බන්ධයෙන් දැනට පවතින පොදු ප්‍රතිපත්ති මාර්ගෝදේශ හේතුවෙන් මහ ජනතාවට මුහුණ පෑමට සිදුවන අපහසුතා අවම කිරීමේ අරමුණින් එකී ප්‍රතිපත්ති මාර්ගෝපදේශයේ සංශෝධනය කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව දැනට පවතින පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශය අනුව විදුලි බිල සමාලෝචන කාලය මාස හයක් වශයෙන් පැවති කාල සීමාව මහ තුනක් වශයෙන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

එසේම ලංකා විදුලිබල මණ්ඩලය බලශක්ති යැවුම් විගණන ක්‍රියාත්මක කිරීමට සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව ජල විදුලි පුරෝකථන ශක්තිමත් කිරීමට හැකිවන අයුරින් පවතින පුතිපත්ති මාර්ගෝපදේශය සංශෝධනය කිරීමට තීරණය කර ඇත.

දැනට පවතින ප්‍රතිපත්ති මාර්ගෝපදේශයන් වල පවතින ඇතැම් කරුණු හේතුවෙන් පොදු මහජනතාව අපහසුතාවයට පත්වන බව වාර්තා වී ඇති බවත් මේ සදහා සහනයක් ලබාදීමේ අරමුණින් මෙසේ සංශෝධන කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *