ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බවට යෝජනාවක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ. මේ පිළිබඳව පක්ෂ අභ්‍යන්තරයේ ද සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවද දැනගන්නට ඇත.

මහ මැතිවරණය පැවැත්වීම තුළින් රටේ ජනමතය නිවැරදි ලෙස උරගා බැලීමට හැකි බවද එම ජන මතයට අනුව ජනාධිපතිවරයාට තීරණයක් ගැනීමට සිදුවනු ඇති බවද මෙහිදී සාකච්ඡා වී ඇති බවද වාර්තා වේ.

ඉදිරි අයවැය පිළිබඳවද පක්ෂයක් ලෙස සිතා බලා කටයුතු කළ යුතු යැයි ද අයවැයෙන් ජනතාවට සහනයක් නොලැබෙනවා නම් ඒ පිළිබඳව පක්ෂය තීරණයක් ගත යුතු යැයි ද මෙහි දී සාකච්ඡා වී ඇත. අයවැය පරාජය කිරීම පිළිබඳව මේ දක්වා තීරණයක් ගෙන නැතැයි ද නමුත් අයවැයේ හොඳ නොහොඳ පිළිබඳ පක්ෂය විමසිල්ලෙන් සිටින අතර ඒ අනුව පක්ෂය ගන්නා තීරණය ඉදිරියේදී ජනතාවට දැකගත හැකි බවද බව ද මේ පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයෙකු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *