වැට් බද්ද ඉහල දමා සාමාන්‍ය ජනයාට තවදුරටත් පීඩා නොකොට බදු පැහැර හරින්නන් ගෙන් අදාළ මුදල අය කර ගන්නැයි විපක්ෂ නායකවරයා ඉල්ලීමක් කළේය.

එලෙසින් රාජ්‍ය ආදායම් ලබා ගැනීමට ආණ්ඩුව වැට් බද්ද වැඩි කර ඇති බවත් බංකොලොත් රටේ ජනතාවට තවදුරටත් පීඩා නොකර බදු පැහැර හරින්නන් ගෙන් ආදායම් අය කරගන්නැයි විපක්ෂනායකවරයා පැවසීය.

බදු පරිපාලනය ඩිජිටල් කරණය සහ යාවත්කාලීන කිරීමෙන් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට අවස්තාව තිබියදී බොහෝ දත්ත පදනම් කර ගනිමින් ආණ්ඩුව වැට් බද්ද වැඩි කර ඇතැයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් අහිමි වන ආදායම කෙසේ හෝ රටේ ජනතාවගේ කර පිට තබා ඇති බවත් වර්තමාන රජය බදු පරිපාලනය වෙනසක් නොකරන බවත් කීය.

බදු පැහැර හරින්නන් පිළිබඳ රජය කිසිදු පියවරක් ගෙන නැති බවත් අක්‍රමවත්ව බදු සහන ලබාදීම හේතුවෙන් ආණ්ඩුව රාජ්‍ය ආදායම අහිමි කර ගෙන ඇතැයි පැවසීය. එහෙත් මේ වන විට සිදු කළ යුත්තේ බදු අයකරගැනීම කාර්යක්ෂමව කිරීම බව අවධාරණය කළේය.

වැට් බද්ද සියයට 18 ක් දක්වා වැඩි කිරීමෙන් දැනටමත් දුක්විදින ජනතාවගේ බදු බර වැඩි වී ඇතැයි කී විපක්ෂනායකවරයා සමගි ජන බලවේගය මෙය පහත් ක්‍රියාවක් ලෙස දකින බව කීවේය. මාස තුනකට වතාවක් විදුලි බිල වෙනස් කිරීමට ආණ්ඩුවට ජන වරමක් නැති බවත් සිදු කළ යුත්තේ වහාම මැතිවරණයකට යාම බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *