රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය සභාපතිවරයා ඇතුළු සියලු සාමාජිකයන් ඉවත් කරනු ලැබ තිබේ.

එම ආයතනයට නව කළමනාකරණ මණ්ඩලයක් පත් කිරීමට සැලසුම් කර ඇති බැවින් මෙම තීරණය ගත් බව අග්‍රාමාත්‍යවරයා අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කරමින් දැනුම් දෙයි.

ඒ අනුව ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය ආයතනයේ සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද, එහි සෙසු සාමාජිකයන් වන ආචාර්ය ඩබ්ලිවූ. කේ කොළඹගේ, විදූර්සන් වින්සේන්ද්‍රරාජන්, එන්. ජී.එස්.එච්.එම්.න්වූෂාඩ් හා දිනුක් හෙට්ටිආරච්චි ධූරවලින් ඉවත් කර ඇත.

එසේම හි සාමාජිකයන් වූ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අනුරාධ විජයකෝන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිමාලි අනූශා ජයකොඩි සහ මුදල් අමාත්‍යාංශයේ කේ.ඩී.අයී.එස්.කේ. සිරිවර්ධන ද එම ධුරවලින්ඉවත් කර තිබේ.

2007 අංක 26 දරන ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතන පනත යටතේ පැවරී ඇති බලතල අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙම තීරණය ගෙන ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *