ශ්‍රී ලංකාවේ මේ වන විට ලෝක උරුම ලෙස ස්ථාන අටක් ප්‍රකාශයට පත් කර ඇතත් ජාතික උරුම ලෙස කිසිවක් ප්‍රකාශයට පත් කර නැති බව ජාතික උරුමයන් සුරැකීම උදෙසා වූ පාර්ලිමේන්තුව සංසද යෙහි සභාපතිවරයා අනාවරණය කර තිබේ.

එමෙන්ම රටේ කවර ස්ථානයක පුරා වස්තූන්ට හානි කිරීමකදී ඒවා අදාළ අංශ වෙත ක්ෂණික දැනුම්දීමට දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයක් වහා ඇති කිරීම පිළිබඳවද එහි අවධානය යොමු වී තිබේ.

ශ්‍රී ලංකාව තුල වූ දෙලක්ෂ පනස් දහසකට අධික පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් පුරාවස්තුව පවතින බවත් මෙම මොහොත වන විට වාර්තා කර ඇත්තේ ඉන් දාහත් දහසකට අධික ප්‍රමාණයක් පමණක් බවත් සංසදය හමුවේ කරුණු දක්වමින් ස්වේච්ඡා සංවිධාන ප්‍රධානීන් එහිදී පවසා තිබේ. ජාතික උරුමයන් සුරැකීම වෙනුවෙන් ඒ සඳහා ස්ථාපිත වී ඇති සියලුම ආයතන ඒකාබද්ධව නියමන ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාවය ස්වේච්ඡා සංවිධාන ප්‍රධානීන් විසින් සංසදය හමුවේ කරුණු දක්වමින් අවධාරණය කර තිබේ

ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදයේ සිවු වැනි සභාවාරය පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවැත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *