මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටේ මුල් ස්ථාන හත දිනා ගන්නා කණ්ඩායම් සමග සත්කාරකයන් වන පකිස්ථානය 2025 ශූරයන්ගේ කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව පකිස්තානය ප්‍රසාද ලකුණු සටහනේ 9/10 වැනි ස්ථානයට පත් වුවහොත් ඊට අමතරව මුල් කණ්ඩායම් හත ද පකිස්ථානය ලකුණු සටහනේ මුල් ස්ථාන අට අතරේ රැදුනහොත් ඔවුන් සමඟ එම කණ්ඩායම් අටද ශූරයන්ගේ කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමට නියමිත වේ.

මෙවර ලෝක කුසලාන තරගාවලිය සදහා සහභාගී වීමේ වරම් අහිමි වූ බටහිර ඉන්දීය කොදෙව් සිම්බාබ්වේ සහ අයර්ලන්තය වැනි කණ්ඩායම් වලට 2025 ශූරයින්ගේ කුසලානයට සහභාගීත්වය ද මේ අනුව දැනටමත් අහිමි වී ගොස් ඇත.

පසුගිය වසරේ එක්දින ලෝක ශූරයන් වූ එංගලන්තය මෙවර ලෝක කුසලාන තරඟාවලියේ මේ වනවිට දහවන ස්ථානය හෙවත් අවසන් ස්ථානයට පත්ව ඇති නිසා ඔවුන්ට අවධානම් අවධියක පසු වෙයි.

නමුත් 2013 සහ 2014 වර්ෂවල පැවැත්වුණු ශූරයින්ගේ කුසලාන තරගාවලි සඳහා නිශ්චිත දිනකට අදාළව එක්දින ශ්‍රේණිගත කිරීම් වල ඉහළින්ම රැදෙන කණ්ඩායම් තරගාවලිය සඳහා තෝරා ගැනුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *