ශ්‍රී ලංකා රේගුව මගින් පසුගිය මාසයේ රුපියල් බිලියන එකසිය නමයක් ඉක්මවා බදු ආදායමක් උපයා ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පවසයි.
මෙය රේගුව මසක් තුළ මෙතෙක් ඉපයූ ඉහළම ආදායම වේ. බදු රැස් කිරීමේ ක්‍රියාවලිය විධිමත් හා කාර්යක්ෂමව වීම ආදායම් ඉහළ යෑමට හේතුව වී ඇතැයි ඒ මහතා පවසයි.
මේ වසරේ සමස්ත රේගු ආදායම රුපියල් බිලියන නවසිය විසිපහක් ඉක්මවනු ඇතැයි අපේක්ෂා කර තිබෙන බවද අහුගොඩ මහතා කීය.