පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් කිසියම් පැමිණිල්ලක් සිදු කිරීමට අවශ්‍ය නම් එය 118 අංකය වෙත දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා කියයි.
මෙම අංකය මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යන්නකි.
මහජනතාවගෙන් මෙම අංකයට ලැබෙන ඇමතුම් තොරතුරක් විදියට සලකන බවත් ඉන් අනතුරුව පැමිණිල්ලක් සටහන් කරගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත් ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා අවධාරණය කළේය.