ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය සහ සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ශේෂ පත්‍ර ව්‍යුහගත කිරීමට අදාළව ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව ඇත.

මෙම පරිපූරක ඇස්තමේන්තුවට කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය හිමිව ඇති අතර ඊට රුපියල් බිලියන 231.5 ක් වෙන් කර ගැනීමට අපේක්ෂා කෙරේ.

මෙම මුදලින් රුපියල් බිලියන එකසිය විසි නවයක් ශ්‍රී ලංකා විදුලිබල විදුලි බල මණ්ඩලය වෙනුවෙන් ද ඉතිරි රුපියල් බිලියන 102ක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ද ලබා ගැනීමට නියමිතය. මෙම පරිපුරක ඇස්තමේන්තු මුදල ලැබීමෙන් පසුවද විදුලි බල මණ්ඩලය විසින් ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් බිලියන 300ක් 400ක් පමණ ප්‍රමාණයක් පවතින බවද වාර්තා වේ.

මෙම මුදල් ඉන්ධන මිල දී ගැනීම් සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ලබාගත් ණය පියවීමට මෙම ආයතන දෙක භාවිතා කිරීමට නියමිතය. ලංකා ඛනිජ තෙල් සංස්ථාව මෙම මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබාගත් ණය පියවීමට මහා භාණ්ඩාගාරය ඉන්දියානු ණය සහනාධාරය යටතේ ලබාගත් ණය පියවීමට භාවිතා කිරීමට නියමිත බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *