ඩුබායි රාජ්‍යයේ රැඳී සිටීමෙන් මෙරට විවිධ අපරාධ සිදු කරන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට ද්වීපාර්ශවික සාකච්ඡා මේ වනවිට යන වී ඇතැයි වාර්තා වේ.

හඳුනාගත් විවිධ චෝදනා ඇති මෙම අපරාධකරුවන් මෙරට ගෙන්වා ගැනීමේදී ද්වීපාර්ශවික සබදතා සහ කිසියම් එකගතාවයක් ගොඩනඟා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා අවධාරණය කළේය.

මේ සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා නීතියේ පවතින බාධාවන් ගැන මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බවත් ඒ සඳහා ඇති අඩුපාඩු සකසමින් පවතින බවත් හෙතෙම පවසයි. විදේශ රටවලින් මෙරට අපරාධ කරුවන් මෙරටට ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ව පවතින නීති රීති සහ විවිධ සම්මුතීන් නිවැරදි කිරීමට ද කටයුතු කරමින් නොගැලපෙන නීති රීති ගැලපෙන ගැළපෙන ආකාරයට සකස් කිරීමටත් කටයුතු කරන බවත් ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *