ඇමතිවරුන්ට පහසුකම් නොමැති බවත් නිල රථයක් නඩත්තු කිරීමට වත් මුදල් අමාත්‍යංශය තුළ නොමැති බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා පැවසීය.

පසුගිය ආණ්ඩු සමයන් තුළ අමාත්‍යවරුන්ට වරප්‍රසාද තිබූ බවට තමා අසා තිබුණද වර්තමාන මහාමාත්‍යවරු ගෙවන්නේ අපහසු ජීවිතයක් යැයිද සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා කීය.

නමුත් එම අපහසුතා මෙරට ජනතාව සහ අනාගත පරපුර වෙනුවෙන් විදහා ගැනීමට කටයුතු කරන බවද රට ගොඩනැගීමට වර්තමාන අමාත්‍යවරුන් දිවිහිමියෙන් කැපවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

පසුගියදා පොලොන්නරුව ප්‍රදේශයේ පැවති වැඩසටහනක දී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *