මෙරට මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු ආකාරය ගැන සොයා බැලීමට හිටපු අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතාගේ සහභාගීත්වයෙන් පත්කල ජනාධිපති කොමිසමේ බලතල වැඩි කරන ගැසට් නිවේදනය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරනු ඇත.

මැතිවරණ ක්‍රමය සකස් විය යුතු ආකාරය ගැන මෙම කොමිසම හමුවට ගොස් ඕනෑම කෙනෙකුට අදහස් දැක්වීමේ හැකියාව පවතින බවද රජයේ ජේෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේය. සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, මාධ්‍යවේදීන් ඇතුළු සියලුම පාර්ශව වලට මෙම කොමිසමට ගොස් කරුණු දැක්විය හැකි බව ද එම අමාත්‍යවරයා වැඩි දුරටත් කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *