ඇමරිකානු ඩොලර් 58000ක් වටිනා ඖෂධ ආධාර තොගයක් ඉදිරි සතිය තුළදී මෙරට ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා බංග්ලාදේශ මහ කොමසාරිස් තරෙක් එමීඩ් අරිෆුල් පැවසීය.

මෙරට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග පනස් හතරක් මීට අන්තර්ගත වන අතර විශේෂයෙන් පිළිකා වකුගඩු ඖෂධ මේ අතර ප්‍රධාන වන බවත් හෙතෙම කීය.

මෙම ඖෂධ ආධාරයට බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ඇමරිකානු ඩොලර් මිලියනයක් වටිනා තවත් ඖෂධ ආධාර තොගයක් ඉදිරියේදී ලබා දීමට නියමිත බව ද ඔහු සඳහන් කළේ ය. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ ශ්‍රී ලංකා බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති හමුවකදී ඔහු මේ බව පැවසීය.

මෙරට රජය කරන ලද ඉල්ලීමකට කඩිනමින් ප්‍රතිචාර දක්වමින් මෙම ඖෂධ ප්‍රදානයක් සදහා අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් බංග්ලාදේශ මහ කොමසාරිස්වරයාටත් බංග්ලාදේශ රජයට විශේෂ ස්තූතිය පිරිනමන බවද සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේය. මේ අතර පවතින ඖෂධ හිඟයට පිළියමක් වශයෙන් ඉදිරියේදී ශ්‍රී ලංකා රජය හා බංග්ලාදේශ රජය අතර ඖෂධ ලබා ගැනීම සම්බන්ධයෙන් වන රාජ්‍ය මට්ටමේ දිගුකාලීන වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාවයද වැඩිදුරටත් සාකච්ඡා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *