විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩ වර්ධනය හේතුවෙන රාජ්‍ය විශ්ව විද්‍යාල දාහතක් සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වූ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය අතුලසිරි සමරකෝන් ඊයේ පැවසීය.
විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සහායට සියලුම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයන් සිය සේවයෙන් ඉවත් වීම හේතුවෙන් කිසිදු විශ්ව විද්‍යාලයක දෛනික කටයුතු සිදු නොවුණු බව ද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ ය. විශ්ව විද්‍යාල වලට ලබාදෙන අරමුදල් දිගින් දිගටම කප්පාදු කර තිබෙන බැවින් අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට හයක් වෙන් කිරීම, අසාධාරණ ලෙස බදු අය නොකිරීම, ආචාර්යවරුන්ගේ වැටුප් කප්පාදුව නතර කිරීම, ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන සිදු කළ මෙම වැඩ වර්ජනයෙන් උසස් අධ්‍යාපනයට හා අධ්‍යාපනයට අත නොතියන ලෙසට ආණ්ඩුවට පණිවිඩයක් ලබා දීමට හැකි වූ බවද හෙතෙම ප්‍රකාශ කළේය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයට සමගාමීව ඊයේ දිනයේ දී කොළඹ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට උද්ඝෝෂණයක් හා මහජන පුස්තකාලයේදී විශේෂ මහජන සම්බන්ධයක් පැවැත්වූ බවද ඔහු කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *