පියයුරු පිළිකා නව ආසාදිතයින් 4,000ක් වාර්ෂිකව හදුනා ගන්නා බව කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය නුරාද් ජෝශප් මහතා පවසයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ පැවසුවේය.

පියයුරු පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ට්‍රස්ටුසුමාන් ඖෂධය ඇතුළු සෙසු ඖෂධ පසුගිය මාස හය පුරා අවශ්‍ය තරම් රෝහල්වල පැවතුණ බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. මේ පිළිකා රෝගය කලින් හදුනා ගැනීමෙන් සුවපත් කළ හැකි බවත් කලින් හදුනා ගැනීම නිසා සම්පූර්ණයෙන්ම පියයුරු ඉවත් කිරීමෙන් වැළකී සිටිය හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

පියයුරු පිළිකා රෝගය මුල් අවස්ථාවේ හදුනා ගන්නා රෝගීන් සියයට අනූවක් පමණ සුවපත් වන බවත් රට පුරා පිහිටා ඇති සුවනාරි සායන වලට සහභාගී වීම මගින් මෙම රෝගය කලින් හඳුනාගත හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

කාන්තාවගේ වයස අවුරුදු 20 ඉක්මවූ විට ස්වයං පියයුරු පරීක්ෂාව සිදු කර ගැනීම අවශ්‍ය යැයි ද වයස අවුරුදු 40 ඉක්මවූ විට මැමෝග්‍රෑම් පරීක්ෂාවට යොමු වීම අනිවාර්ය යයිද වෛද්‍යවරයා අවධාරණය කළේය.

පියයුරු පරීක්ෂාවට ලක් කිරීමේ දී ගැටිත්තක් තිබිම හැඩය අසාමාන්‍ය වෙනසක් පැවතීම තනපුඩුවෙන් අවර්ණ වූ ශ්‍රාවයන් ගැලීම යනාදිය රෝග ලක්ෂණ යැයි ද ඒ මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *