අද සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපන ශාලා හා අවන්හල් හිමියන් ගේ සංගමය තීරණය කර තිබේ. එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පවසා සිටියේ සිය මිල වැඩිවීම හේතුවෙන් තේ එකක මිල රුපියල් පහකින් සහ කිරි තේ එකක මිල රුපියල් 10 කින් ඉහළ දමන බවය. මේ අතර සහල්, එළවළු, කුකුල් මස්, ලුණු ඇතුළු භාණ්ඩ වල මිල ඉහළ යාම හේතුවෙන් කෑම පැකට් එකක මිල රුපියල් විස්සකින් සහ කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල රුපියල් 20කින් ඉහළ දමන බව ද ඔහු පවසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *