ඉන්දීය රජය වතුකර ප්‍රදේශවල විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය විෂයන් පුහුණු කිරීම සඳහා පුහුණුකරුවන් ඉක්මනින් ශ්‍රී ලංකාවට එවන බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සඳහන් කළාය.

2023 ජූලි මස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉන්දීය සම්භවයක් සහිත ද්‍රවිඩ ප්‍රජාව සඳහා ප්‍රකාශයට පත්කරන ලද ශ්‍රී ලංකා රුපියල් බිලියන තුනක බහු ආංශික පැකේජ යටතේ ක්‍රියාත්මක කරන පළමු ව්‍යාපෘතියක් වශයෙන් මේ සඳහා සුදුසුකම් ලත් පුහුණුකරුවන් නිශ්චිත කාල සීමාවන් සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට එවනු ඇත.

කම්කරුවන් සදහා සූර්‍ය විදුලි ලාම්පු, ස්වයං උපකාර කාන්තා කණ්ඩායම් සදා මහන මැෂින් යනාදිය ඇතුළුව මෙම පැකේජය යටතේ ක්‍රියාවට නැංවෙන තවත් ව්‍යාපෘතීන් රැසකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *