ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයන් කිහිප දෙනෙකුම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත.
සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය යන පක්ෂ මේ වන විටත් ඔවුන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුද යන්න ප්‍රකාශයට පත් කර ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් වන පසුබිමක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ශකයා කවුද යන්න ප්‍රකාශයට පත් නොකර සිටීම දේශපාලන වශයෙන් අවාසිදායක බවත් එම ජ්‍යෙෂ්ඨ නායකයන් ඒ මහතාට කියා ඇත.
පරිණත දේශපාලනඥයෙක් ලෙසත්, ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, මුදල් අමාත්‍යවරයා ලෙසත් බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉටුකර ඇති කාර්යභාරය සලකා බැලූ කල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කළ හැකි සුදුසුම අපේක්ෂකයා බැසිල් රාජපක්ෂ මහතා බව ප්‍රකාශ කළ එම පක්ෂයේ ජේෂ්ඨ නායකයෙකු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවස්ථා තුනකදී පසුගිය ජනාධිපතිවරණයට සූදානම් වන ලෙසට බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියත් වියත්මග වැනි සංවිධානවල ඉල්ලීම මත පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට අපේක්ෂකත්වය ලබා දුන් බවයි.