විදුලි ගාස්තු ඉහළ දමා දින 10ක දී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 300 ක් උපයාගෙන ඇතැයි ශ්රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය ලේකම් ලක්මාල් ප්රනාන්දු මහතා දිවයිනට පැවසීය.
හදිසි මිලදී ගැනීම යටතේ ගිගාවොට් පැය 990 ලබා ගැනීමට විදුලිබල මණ්ඩලය සැලසුම් කර තිබුණත් ජල විදුලි නිෂ්පාදනය උපරිමයට ළඟා වීම නිසා ඉකුත් මාසය ඩීසල් බලාගාර වලින් මිලදී ගෙන ඇත්තේ ගිගාවොට් පැය 80 ක විදුලියක් පමණක් යැයි ද ඒ මහතා කීය.
ඒ අනුව පෞද්ගලික ඩීසල් බලාගාර සදහා වැය කිරීමට තිබූ රුපියල් කෝටි 1700ක මුදලක් ළංවීමට ඉතුරු කර ගැනීමට හැකිවී ඇත.
ඒ අනුව ඉකුත් මාසයේදී විදුලි ගාස්තු වැඩි කිරීම හා පුද්ගලික බලාගාර වලට ගෙවීමට තිබූ මුදල් ඉතිරි වීමෙන් ලංවීම රුපියල් කෝටි 2000 ක ආදායමක් උපයාගෙන ඇත. දැනට කර තිබෙන ගණනය කිරීම්වලට අනුව ලංවීම ගෙවී ගිය මාසයේදී රුපියල් බිලියන 2 ක ශුද්ධ ලාභයක් ලබා ඇතැයි ද ලක්මාල් ප්රනාන්දු මහතා කියා සිටියේය.