ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපතිවරයාට බාරදී ඇති අයවැය යෝජනාවට යහපත් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් ඉදිරි අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ යුතු බවට එම පක්ෂයේ අභ්‍යන්තර මතයක් ගොඩ නැගෙමින් පවතින බව එම පක්ෂයේ ජේෂ්ඨ නායකයෙක් දිවයිනට පැවසීය.
සමුර්දි සහනාධාරය මෙන්ම පොහොර සහනාධාරයත් අඛණ්ඩව ලබා දිය යුතු බවත් ප්‍රතිව්‍යුහගත කරන ආයතනවල සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කළ යුතු බවත් ග්‍රාමීය සංවර්ධන යෝජනා ක්‍රම ආරම්භ කර ගමේ ජනතාවගේ අතට මුදල් යන වැඩ පිළිවෙලක් සකස් කළ යුතු බවටත් ඊට අමතරව මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල් ලබා දී ග්‍රාමීය සංවර්ධන කටයුතු ආරම්භ කළ හැකි පසුබිමක් සැකසිය යුතු බවටත් වන යෝජනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී ඇත.