මෙවර මහ කන්නය සදහා අවශ්‍ය පොහොර මිලදී ගැනීමට ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත හෙක්ටයාරයකට රුපියල් පහළොස්දහස බැගින් බැර කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

පසුගිය කන්නයේදී පොහොර සහනාධාරය ලෙස හෙක්ටයාරයකට රුපියල් 20,000 ක මුදලක් ගොවීන්ට ලබා දී තිබිණි. මේ වන විට වෙළෙඳපොළේ යූරියා පොහොර මිල ගණන් පහත වැටී ඇති බැවින් පසුගිය කන්නය සදහා ලබා දුන් රුපියල් විසිදහසක මුදල රුපියල් පහළොස් දහසක් ලෙස අඩු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය ජේෂ්ඨ නිලධාරියෙක් දිවයිනට කීය. පොහොර සහනාධාරය වෙනුවෙන් රුපියල් බිලියන 12 ක් රජයට වැය වෙති. මේ වන විට රජය රුපියල් බිලියනයක මුදලක් මීට ලබාදී ඇතැයි එම නිලධාරියා පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *