ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ප්‍රදර්ශනය කරන ලද දුර්වල තරග විලාශය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටු සාමාජිකයෙකු මේ සතියේ දී ඉන්දියාවට යාමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.

ක්‍රිකට් කණ්ඩායම එතරම් දුර්වල තරග රටාවක නිරත වීම පිළිබඳව පුහුණු කාර්ය මණ්ඩලය සහ ක්‍රීඩකයන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කර පරාජයට හේතු සෙවීම ඔහුගේ මෙම පැමිණීමේ ප්‍රධාන අරමුණ වී තිබේ.

බ්‍රහස්පතින්දා දැවැන්ත පරාජයකට මුහුණ දුන් අතර එම පරාජය පිළිබඳව ද පුහුණු කාර්ය මණ්ඩලයෙන් සහ තේරීම් කමිටුවෙන් පැහැදිලි කිරීමක් කරන ලෙසද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලා තිබුණි. පරාජයන් ක්‍රීඩාවේ කොටසක් වුවත් ශ්‍රී ලංකා කණ්ඩායම ලබන මෑතකාලීන පරාජයන් අදහාගත නොහැකිව ඇතැයිද ඒ නිසා පරාජයට හේතු අංශ 4ක් එසේ සොයා බැලීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *