ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ලබන වර්ෂය සදහා ඉදිරිපත් කරන අයවැයෙන් අනිවාර්යෙන්ම රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් සිදු කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා දිවයිනට පැවසීය.

එහෙත් එම වැඩිකරන වැටුපේ ප්‍රමාණය තීරණය කරනු ලබන්නේ අයවැය ඉදිරිපත් කරන නොවැම්බර් 13 වැනි දිනට පෙර දින පවත්වනු ලබන විශේෂ අමාත්‍ය මණ්ඩලය හමුවේ දී බවද ඇමැති සියඹලාපිටිය මහතා කීවේය. මේ අනුව තවමත් රාජ්‍ය සේවක වැටුප වැඩි කරන ප්‍රමාණය තීරණය කර නැති බවත් සදහන් කළේය. ලබන අය අයවැයෙන් රුපියල් 12,500 කින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්නේද යන්න ගැන කළ විමසුමකට පිළිතුරු දෙමින් රංජිත් සියඹලාපිටිය රාජ්‍ය ඇමතිවරයා දිවයිනට මේ බව කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *