ජල ප්‍රහාර ගසා උද්ඝෝෂණ විසුරුවා හැරීමට පෙර නිලධාරීන් ඒ සඳහා පෙර පුහුණුවක් කරන බව ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් දිවයිනට පැවසීය.
මෙලෙස පෙර පුහුණු කරනු ලබන්නේ ජල ප්‍රහාරක රථවල කිසියම් දෝෂ අඩුපාඩු තිබේ දැයි කියා විමර්ශනය කිරීමට යැයිද කී එම පොලිස් නිලධාරියා මේ හේතුව මත එම රථයේ රැස් කරන ජලය අපිරිසිදු නොවන බවත් සෑම සතියකම මෙම පුහුණුවීම් සිදුකරන බවත් සදහන් කළේය.
මේ සඳහා ඉතා පිරිසුදු ජලය යොදා ගන්නා බව ද හෙතෙම පැවසීය.