පලස්තීනයේ ගාසා තීරයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් එකොළොස් දෙනෙක් ඊයේ උදෑසන කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි බව ගුවන්තොටුපල කාර්ය භාර නිලධාරී පැවසීය.

ඔවුන් ගාසා තීරයේ සිට රෆා පිවිසුම ඔස්සේ ඊජිප්තුව ට පැමිණ කයිරෝ ගුවන් තොටුපලේ සිට කටාර් රාජ්‍යය වෙත පැමිණ තිබේ. ඉන්පසුව කටාර් රාජ්‍යයේ දොහා සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් ඊයේ අලුයම 2:30ට කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබේ.

මෙම එකොළොස් දෙනා අතර කාන්තාවන් දෙදෙනෙකු සහ දරුවන් නම දෙනෙකු සිටින බව ගුවන් තොටුපල ආරංචි මාර්ග සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *