හමාස් සංවිධානය අත්අඩංගුවේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තුරු තාවකාලිකව සටන් විරාමයකට එකඟ නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මහතා සමඟ පැවති සාකච්ඡාවකින් පසු රූපවාහිනී දේශනයකට එක්වෙමින් ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සටන් විරාමයට එක්වන ලෙස ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉල්ලා තිබිණි.

මේ අතර ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ තිබූ ගිලන් රථයකට ද පහර දී ඇත. ඒ සම්බන්ධව ඊශ්‍රායල රජය පවසන්නේ එහි හමාස් සාමාජිකයන් සිටි බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *