අභියෝගයට ලක් කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ.
නව පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
එසේ වුවත් වගන්ති කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය යෝජිත සංශෝධන වලට යටත්ව කාරක සභා අවස්ථාවේදී සංශෝධන කරන්නේනම් මෙම පනත පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත.
ඉහත කරුණු වලට යටත්ව පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන කිසිවක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ.