ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අයත් ජාතික නිවාඩු නිකේතන පහකින් ඉකුත් වසර දෙක තුළදී 123,802,198ක අලාභයක් වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

2022 වර්ෂයේ දී මෙකී නිවාඩු නිකේතන පහයෙන් සිදුවී ඇති අලාභය රුපියල් 51,269,048 වන අතර 2021 වර්ෂයේ දී සිදුවී ඇති අලාභය 72,533,150 බවද විගණන වාර්තාවේ සදහන් වේ. සංචාරය නිවාඩු නිකේතන පහෙන් අඛණ්ඩව අලාභයක් සිදුවී ඇති මෙකී පාඩුව අවම කර ගැනීම සඳහා ප්‍රමාණවත් අවධානයක් යොමු වී නොතිබූ බවද විගණන මගින් අනාවරණය කොට ඇත.

ජාතික නිවාඩු නිකේතන ලාභ ලබන අයුරින් පවත්වාගෙන යා යුතු බවට විගණන මඟින් නිර්දේශ කොට ඇත. මේ පිළිබඳ සංචාරක සංවර්ධන අධිකාරිය මගින් විගණනයට කිසිදු අදහස් දැක්වීමක් සිදු කොට නොමැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මේ සම්බන්ධයෙන් 2022 වර්ෂයට අදාළව මෙකී විගණන වාර්තාව නිකුත් කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *