පසුගිය දිනවල දිගින් දිගටම පිරිහීමට ලක්වූ රුපියල ඊයේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස ශක්තිමත් විය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන් ට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 331.96 ක් ලෙස වාර්තා වී තිබේ. ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල පෙරේදා රුපියල් 334.40 ක් විය.
මේ අතර පෙරේදා රුපියල් 323.94 ක්වූ ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල ඊයේ රුපියල් 321.59 දක්වා අඩු විය.