සීනි බදු වෙනස්වීම ගැන තොරතුරු ව්‍යාපාරිකයන් අතට පත් කළ අය ගැන පරීක්ෂණයක් අවශ්‍ය බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ඊයේ පැවසීය.
සීනි බද්ද වෙනස් වන බවට තොරතුරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වීමට වීමටත් පෙරම ව්‍යාපාරිකයන් අතර පත්වූයේ කෙසේදැයි ප්‍රශ්න කර සිටින අතර සංශෝධනය පිළිබඳ දැන සිටියේ රේගු නිලධාරීන් බවත් අමාත්‍ය මනුෂ නානායක්කාර පැවැසීය.
සීනි බදු වැඩි කිරීම ගැන දැන සිටියේ කවුරුන්ද සහ මේ පිළිබඳ තොරතුරු කිසිවෙක් විසින් එළියට ලබාදුන්නේ ද යන්න පිළිබඳ අනිවාර්යෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
සීනි වංචාව ගැන එදා හඩ නැගුවා වගේම අදත් වංචාවක් වෙනවා නම් හඩ නැගීමට කටයුතු කරන බවත් වංචාවක් වැරැද්දක් වන තැනක කට වහගෙන ඉන්නේ නැති බැවින් මෙතැන දී සිදුවී ඇත්තේ කුමක් දැයි සොයා බැලිය යුතු යැයි ඇමතිවරයා කීය.
සීනි ලංකාවට ගොඩ බාන්න සූදානම් කර ඇති විට හෝ ගොඩ බෑවට පසු බද්ද වැඩි කළා දැයි ප්‍රශ්න පවතින බවත් සැබෑ ම ප්‍රශ්නය වන්නේ සීනි බදු වැඩි කරනවා යැයි ආරංචිය ව්‍යාපාරිකයන්ට යන්නේ කෙසේද යන කාරණය බවද ඇමතිවරයා පැවසීය.
මෙම බද්ද වෙනස් වන බවට කාරණය කැබිනට් එකට වත් ඇවිත් තිබුනේ නැති බවත් මෙය දන්නේ රේගුවෙ අය බැවින් මෙය කොහෙන් එලියට ගිහින් ඇත්දැයි ඇමතිවරයා ප්‍රශ්න කළේය.