කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යන්නන් විසින් තක්සේරු වර්ෂයට අදාළව රුපියල් මිලියන දෙසීයක වාර්ෂික බද්දක් ගෙවිය යුතු වුවත් කැසිනෝ ව්‍යාපාර දෙකක් විසින් රුපියල් 440,980,000 වාර්ෂික බදු මුදල් වශයෙන් ගෙවා නොතිබූ බව ජාතක ජාතික විගණන කාර්යාලය පවසයි.

1988 අංක 40 දරන ඔට්ටු හා සූදු බදු පනතේ දෙවන වගන්තිය හා 2015 අංක 14 දරණ ඔට්ටු හා සූදු බදු අනුව කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යන්නන් විසින් රුපියල් මිලියන දෙසීයක වාර්ෂික බද්දක් ගෙවිය යුතු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

මේ පිළිබඳ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට සදහන් කොට ඇත්තේ එක් ව්‍යාපාරයක් අදාල කාල පරිච්ඡේදය තුළ ව්‍යාපාර කටයුතු සිදු කර නොමැති බවය. අනික් ව්‍යාපාරයෙන් තවදුරටත් රුපියල් මිලියන 300ක මුදලක් අය විය යුතුව ඇති බවත් එම මුදල අයකර ගැනීමට කටයුතු කරමින් සිටින බවය. අදාල බදු කරුවන්ගෙන් අයවිය යුතු බදු මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතු බවට විගනණය මගින් නිර්දේශ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *