ආයෝජන සහ අපනයන ප්‍රවර්ධනය සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පහසුකම සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීම සහ ශ්‍රී ලංකාවේ ආයෝජන පනත් කෙටුම්පත සකස් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.

මේ සදහා විධිමත් යාන්ත්‍රණයක් පැවතීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන මෙම වසරේ ජනවාරි මස 16 වැනිදා ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධ කරමින් නව ආයතනයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කළේය.

ඒ අනුව එම කාර්යය සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අදාළ ක්ෂේත්‍රවල විශේෂඥතාව සහිත පුද්ගලයන්ගෙන් සමන්විත අපනයන හා ආයෝජන පිළිබඳ අධීක්ෂණ කමිටුව ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත කර ඇත.

එකී කමිටුව විසින් අදාළ සියලු කරුණු අධ්‍යයනය කර නව ආයතනික ව්‍යුහයක් පිහිටුවීම සඳහා වන යෝජනා ඉදිරිපත් කර ඇති අතර එකී යෝජනා මත පදනම්ව නව ආයෝජන සහ අපනයන ප්‍රවර්තන ආයතනික සැලසුමක් හදුන්වා දීමටත් ඒ යටතේ ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව සහ ඒ ආශ්‍රිත ඒකක ආයතනික පිහිටුවීම ආරම්භ කිරීමට රජය කටයුතු කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීම සහ ශ්‍රී ලංකාවේ නම ආයෝජන පනත් කෙටුම්පත සකස් කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *