කොළඹ වරායට සේන්දු වීමෙන් පසු එම්.ටී.ෆෝස් නෞකාවෙන් ගොඩ බෑ ඩීසල් සහ පෙට්‍රල් තොගය රසායනාගාර පරීක්ෂාවේදී ප්‍රමිතියට අනුකූල බව සහතික වූ බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම නිවේදනය කරයි.

ලංකා ඉන්දියානු තෙල් සමාගමෙන් ඇනවුම් කරන ලද ඩීසල් සහ පෙට්‍රල් පිළිබඳව පළවූ වාර්තා පදනම් කරගනිමින් මෙම විශේෂ නිවේදනය නිකුත් කර ඇත.

ඉකුත් පස් වෙනිදා අලුයම මෙම නෞකාව කොළඹ වරායට සේන්දු වී ඇත.

ප්‍රමිතිය පරීක්ෂාවෙන් පසු එහි තිබූ petrol 92 පසු ගොඩබෑමට අවසර දී ඇති බවත් ඩීසල් තොගයේ පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදු වන බැවින් එහි ප්‍රතිඵලය අනුව ඒවා ගොඩබෑම කෙරෙහි තීරණය කිරීමට නියමිත බවත් එම නිවේදනයේ දැක්වේ.

විවිධ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ම සමාව ඉල්ලා සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *