බන්ඩි පොහොර මිල 50% කින් අඩු කිරීමට අදාළව පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පැවසීය.

ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ අනුමැතිය ලැබෙනු ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

වලස්මුල්ල ඔමාර ගම්මානය දෙවන අදියරයේ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීම සදහා ඉකුත්දා වැඩ කටයුතු ආරම්භ කරමින් ඔහු මේ බව කීය.

මේ අතර රාජ්‍ය අංශයට අයත් බොහොමයක් සමාගම් සතුව දැනට බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 28,600ක් ඇති බව එම පොහොර සමාගම් වල සභාපති ආචාර්ය ජගත් පෙරේරා පැවසීය.

එම බණ්ඩි පොහොරවල පිරිවැය ගාස්තු අඩු කිරීමෙන් සියයට 50ක් මිල අඩු කළ හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *