කතරගම පූජා නගරයෙන් මිලදීගෙන දේවාලවලට පූජා කරන පලතුරු ආහාරයට ගැනීමට සුදුසු මට්ටමක පවතින ඒවා නොවේ යැයි කතරගම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය අජිත් කුමාර ප්‍රකාශ කළේය.
විවිධාකාරයෙන් ඉදවූ පලතුරු ගැට බොහෝ පලතුරු කඩවල් වල විකුණන බව ද බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
කතරගම පවතින ආහාරපාන හා පලතුරු වර්ග වල ප්‍රමිතිය කෙබඳුදැයි මව්බිම කළ විමසුමකට පිළිතුරු දෙමින් වෛද්‍ය අජිත් කුමාර මේ බව කීය.
” බැතිමතුන් ඉතාමත් භක්තියෙන් පලතුරු පූජාව සදහා මේ පලතුරු කඩ වලින් පලතුරු වට්ටි ගන්නවා. ගෙනිහින් පූජා කරලා ආපහු දෙන පලතුරු ආහාරයට ගන්න හැදුවත් ඒවා එහෙම ආහාරයට ගත හැකි මට්ටමක නෑ. හෝමෝන ගහලා ඉදවපු එහෙම නැත්නම් විවිධ රසායනික ගහලා ඉදවපුවා මේකේ තියෙන්නේ. බැලූ බැල්මට හදුනා ගන්නත් අමාරුයි. මම කියන්නේ හැම පූජාවට්ටියක් ම නොවෙන්න පුළුවන් ඒත් බහුතරයක තත්ත්වය මේකයි “යැයිද සඳහන් කළේය.