මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති අතිශය දුර්ලභ හා විශාලතම ශිලාලේඛනය පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසන කඳුවැටියෙන් හමුවී ඇති බව පොලොන්නරුව පුරා විද්‍යා කාර්යාලය පවසයි. එම ශිලා ලේඛනය දිගින් අඩි 45 ක් සහ උසින් අඩි 18 ක් පමණ වන බව වාර්තා වේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ශිලා ලේඛන අංශයේ නිලධාරීන් සහ පොළොන්නරුව පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම් විසින් මෙම අතිශය දුර්ලභ ශිලාලේඛනය සොයා ගැනීමට සමත් වී ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ මෙම ශිලා ලේඛනය පිටපත් කිරීම සඳහා මසකට අධික කාලයක් ගතවන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *