බෙදුම්කරුවන් මගින් ඉන්දන තොග වශයෙන් බෙදා හැරීම නිසා රුපියල් මිලියන 218 ක පාඩුවක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුව ඇති බව කෝප් කමිටුවේදී හෙළි විය.

පසුගිය 2014 සිට 2023 දක්වා ඉන්ධන අලෙවිකරුවන් 221 ක් අතරින් එකොළොස් දෙනෙකු ගෙන් පමණක් උපයෝගිතා ගාස්තු අය කරමින් සිටින බවද 2014 සිට 2023 සැප්තැම්බර් දක්වා කාලය තුළ අය කර නොගත් ආදායම රුපියල් බිලියන 4.8 ක් බව ද කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර කීය.

මෙම පාඩුව සිදු වුයේ කෙසේ දැයි කෝප් කමිටු සභාපතිවරයා දැඩිව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

මේ පිළිබඳව උපහාසාත්මකව එම නිලධාරීන් උත්තර දීම පිළිබඳ කෝප් සභාපතිවරයා තම දැඩි අප්‍රසාදය පළ කළ අතර සිනහවෙවී පිළිතුරු දීම වහාම නවතන ලෙස මෙහිදී එම නිලධාරීන්ට සභාපතිවරයා දැනුම් දුන්නේය.

ජනතාවගේ මුදල් අවභාවිතය පිලිබද සිනහවෙමින් පිළිතුරු දීම නිවැරදි ද යනුවෙන් මෙහිදී රංජිත් බණ්ඩාර මහාචාර්යවරයා ප්‍රශ්න කළේය.

2023 සැප්තැම්බර් 30 වන විට බෙදුම් කරුවන්ට වැඩිපුර කොමිස් මුදලක් ගෙවා ඇති බවද එම මුදල රුපියල් මිලියන 24,886.99 බවද පිරවුම්හල් හිමියන් බලපෑම් කරන නිසා මෙවැනි දෙයක් සිදු වූ බව ද ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන් මෙහිදී පැවසූ අතර එසේ කරන්නේ කෙසේද යැයි රංජිත් බණ්ඩාර මහාචාර්යවරයා මෙහි දී මෙහිදී දැඩි ලෙස ප්‍රශ්න කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *