ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් ඉමියුනොග්ලොබියුලින් ඖෂධය ගෙන්වීමේ සිද්ධිය ඇතුළුව චෝදනාවන්ට ලක්ව සිටින ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය විජිත් ගුණසේකර ඊයේ එම තනතුරෙන් ඉවත් කළ බව අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහුට එම තනතුරෙන් ඉවත් වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත පෙරේදා දිනයේ දැනුම් දී ඇති අතර තනතුරෙන් ඉවත් වූ වෛද්‍ය ගුණසේකර ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත සේවයට වාර්තා කරනු ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

වෛද්‍ය ගුණසේකර ගේ ඉවත්වීමෙන් හිස් වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විධායක නිලධාරී ධූරයට ශ්‍රී ලංකා විද්‍යාත්ම සේවයේ ජේෂ්ඨ විද්‍යාඥවරියක වන ඩී.ඩී බුලත්සිංහල තාවකාලිකව පත්කර ඇති අතර එම තනතුරු සඳහා ඉදිරියේදී අයදුම්පත් කැදවා ස්ථිර බඳවා ගැනීමක් කරනු ලබන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වැදගත් ලිපි ගොනු කීපයක් විනාශ කිරීමේ චෝදනාවට ලක්ව සිටින හිටපු විධායක නිළධාරීවරයා මේ වන විට අධිකරණය මගින් විදෙස් ගමන් තහනමකටද ලක්කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *