ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ඉකුත් වර්ෂයේ දී රුපියල් බිලියන 48.2 මෙහෙයුම් ලාභයක් වාර්තා කොට ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සම්බන්ධයෙන් 2022 වර්ෂයට අදාළව නිකුත් කොට ඇති වාර්ෂික කාර්ය සාධන වාර්තාවේ සදහන් වේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් 2021 වර්ෂයේ දී රුපියල් බිලියන 24.9 ක මෙහෙයුම් ලාභයක් වාර්තා කොට තිබිණි. 2021 වර්ෂයේ දී වරාය අධිකාරියේ දළ ආදායම රුපියල් බිලියන 60.6ක් වු අතර එම දළ ආදායම හා සැසදීමේදී 2022 වර්ෂයේ දී රුපියල් බිලියන 99.1 ක ආදායමක් වාර්තා කොට ඇති බව කාර්යසාධන වාර්තාවේ සඳහන් වේ. 2021 වර්ෂයට සාපේක්ෂව 2022 වර්ෂයේ දී දළ ආදායම වැඩිවීම රුපියල් බිලියන 38.5 කි.

ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම හේතුකොටගෙන 2021 වර්ෂය හා සැසඳීමේ දී 2022 වර්ෂයේ දේශීය ණය මත පොලිය සියයට 200කින් ඉහළ ගොස් තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *