ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

ICC මණ්ඩලය අද රැස්වී තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ICC සාමාජිකයෙකු ලෙස එහි වගකීම් බරපතළ ලෙස උල්ලංඝනය කරමින් සිටින බවය.

විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ පාලනය, නියාමනය සහ පරිපාලනයට රජය මැදිහත් වීමක් නොමැති බවට සහතික වීම ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමේ තීරණය වෙනස් වීමට බලපානු ඇති බව ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *