ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙක් ට ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

ජාතික පොලිස් කොමිසන් සභාව විසින් 2023-11-06 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරු ලබා දී ඇති බව සදහන් ය.

ඒ අනුව ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ වී ඩි.ජේ. කරවිට මහතා අපරාධ දිසාවේ සිට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුහුණු හා උසස් පුහුණු ලෙස ස්ථාන මාරු කර ඇත.

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් ඩබ් එම් සේනාරත්න මහතා මාතර හා හම්බන්තොට දිසාවේ සිට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රජා පොලිස් සංචාරක හා ආයෝජන ලෙස ස්ථාන මාරු කර තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *