2023 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ නිකුත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ උසස් පෙළ විභාගය නියමිත දිනට පවත්වන බව ය.
“උසස් පෙළ කල් යන්නේ නැහැ. විභාග කාල සටහන් මුද්‍රණය කරලා ඉවරයි. දරුවෝ සූදානම්. පාර්ශව දෙකක් විතර උසාවි ගිහින් තිබෙනවා. අපි ඒ පිළිබඳ අවශ්‍ය කටයුතු කරගෙන යනවා. උසස් පෙළ මාස තුනක් ප්‍රමාදවීමෙන් මාර්තු අප්‍රේල් තියන්න තිබුණ සාමාන්‍ය පෙළ මැයි ජූනි වගේ වෙනවා ඒ දරුවන්ට ටර්ම් හයක් දෙන්න ඕනේ. පාර්ලිමේන්තුවේ පැහැදිලි කරා සමහරුන්ට තේරෙන්නෙ නෑ. කොහොම වුණත් සාමාන්‍ය පෙල කාල සටහනට සිලබස් කවර් කරන එක ලබන අවුරුද්දේ ඉවර කරනවා නමුත් විභාගය ටිකින් ටික ඉස්සරහට ගන්නවා.