2024 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාගේ සභාපතිත්වයෙන් යුත් මුදල් කාරක සභාව ඊට අනුමැතිය ලබාදී ඇති බව පාර්ලිමේන්තුවේ සංනිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
කෙසේ වෙතත් වාර්ෂික අයවැය යෝජනාවලින් විශාල ප්‍රමාණයක් යෝජනාවලට පමණක් සීමා වීම ගැටළුවක් බව කමිටු සභාපතිවරයා එහිදී පෙන්වා දී ඇති අතර මෙය නරක පූර්වාදර්ශයක් බැවින් මෙම තත්ත්වය වළක්වා ගනිමින් අයවැය පසුවිපරමක් සිදු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කර තිබේ.
එමෙන්ම මුදල් කාරක සභා මගින් ද ඉදිරි අය-වැයට අදාල පසුවිපරම සිදු කළ යුතු බව එහිදී සාකච්ඡා වී ඇත.
වාර්ෂික අය වැය පරතරය සියයට 5 කට අඩු අගයක පවත්වාගත යුතු බවට මුදල් නීති රෙගුලාසි වල නෛතික ප්‍රතිපාදන තිබුණද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම පිළිබඳ මුදල් කාරක සභාවේ අවධානය යොමු වූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර මෙවර අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වෘත්තීය සමිති රැසක් අද ප්‍රදේශ කිහිපයක විරෝධතා උද්ඝෝෂණ සංවිධානය කර තිබුණි.