ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට අද හෙටම අභියාචනයක් ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. ඔහු එසේ පැවසුවේ අද කොළඹ දී පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ද්වේශසහගතව තහනම් කළේ ඇයිදැයි එහිදී විමසන බවද ඔහු සඳහන් කළේය. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ක්‍රිකට් ආයතනයේ අද පැවති මාධ්‍ය හමුවේ දී පැවසූයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා ඇති තහනම නිසා විශාල පාඩුවක් සිදුවන බවය. ICC මෙම තහනම ඉවත් නොකළහොත් ලබන වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඩොලර් මිලියන 50 ක අලාභයක් සිදු වන බව ද කීවේය. අපට හොරු කියන ක්‍රීඩා ඇමති කණ්ණාඩිය ඉදිරියට ගියා නම් කවුද හොරා කියා දැනගන්න හැකි බවද පැවසීය. තමා අයිසීසී වෙත කියා ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් නොකළ බවත් එසේ කළ හැකි නම් තමා මාර පොරක් බව ද ෂම්මි සිල්වා මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *